ව්‍යාපාරික

එළවළු මිල ඉහළ යෑමෙන් අලෙවිය 50 % කින් පහළට

(UTV | බලන්ගොඩ) –  වෙළඳපොලේ එළවළු මිල අධික ලෙස ඉහල යෑමත් සමග බලන්ගොඩෙ සහ ඉඔුල්පේ  ප්‍රදේශවල එළවළු අලවිය 50 % කින් පමණ පහත වැටී තිබේ.

උඩරට සහ පහතරට එළවළු වර්ගවල කිලෝවක මිල මේ දිනවල රුපියල්  හාරසියය ඉක්මවා ඇති බව පාරිභෝගිකයන් චෝදනා නගයි.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව ,එළවළු වෙළෙන්දන් මෙන්ම හෝටල්  හිමියන්ද විශාල ගැටලුවකට මුහුණ පා සිටින බව වාර්තා වෙයි.

මීට පෙර එළවළු කිලෝවක් මිලදී ගත් පාරිභෝගික ජනතාව එළවළු මිල ඉහල යෑමත් සමග මේ දිනවල එළවළු වර්ග වලින් ග්‍රෑම් දෙසිය පනහ බැගින් මිලදී ගැනීමට පටන්ගෙන  ඇති බව එළවළු වෙළෙන්දන් පවසයි.

මේ හේතුන් නිසා සමස්තයක් වශයෙන් එළවළු ඉල්ලුම 50 % ක් පමණ අඩු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

 

Related posts

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමේ සැළැස්මක්

Mohamed Dilsad

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment