විදෙස්

චෙක් රාජ්‍යයේ නිවසක ඇති වූ ගින්නකින් 8 ක් මිය යයි

(UTV | කොළඹ) – චෙක් ජනරජයේ නිවසක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

වයඹදිග චෙක් ජනරජයේ ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ඉදිකර තිබූ නිවසක ගින්නක් හටගෙන තිබේ.

එරට පොලීසිය පවසන්නේ නිවසේ පුද්ගලයින් 35 දෙනෙකු සිට ඇති බවයි.

පොලිස් නිලධාරියෙකු සහ එම නිවසේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙක් ද ඒ අතර වෙයි.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

මෝදිගේ පක්ෂය කොරෝනා ව්‍යසනයේ වගනීම භාරගනී

Mohamed Dilsad

Leave a Comment