(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදෙනු ලැබීය.
කටාර් රාජ්‍ය, තුර්කිය, ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහ කොමසාරිස්වරයෙකු ද පත්විය.
අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින්,
01- Mr. Jassim bin jabirjassimsarour – Ambassador of the State of Qatar
(ජස්සිම් බින් ජබීර් ජස්සීම් සරූර් මහතා- කටාර් රාජ්‍යය සදහා තානාපති)
02- Mrs. RakibeDemetSekercioglu-Ambassador of the Republic of Turkey
(රකිබේ ඩිමෙට් සෙක්‍රසියෝග්ලු-තුර්කි රාජ්‍ය සදහා තානාපති)
03- Major General (Retd) Muhammad Saadkhattak-High Commissioner of the Islamic
Republic of Pakistan
(මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාඩි ඛටාක් මහතා-පකිස්ථාන මහ කොමසාරිස් )
04- Mr. Jean Claude kugener – Ambassador of the Grand Duchy of Luxembourg
(ජින් ක්ලෝඩ් කුග්නර් මහතා-ලක්සම්බර්ග් රාජ්‍යයේ තානාපති )
05- Dr. MarjanCencen- Ambassador of the Republic of Slovenia
(ආචාර්ය මර්ජාන් සෙන්සෙන් මහතා – ස්ලෝවේනියා රාජ්‍යයේ තානාපති )