ගොසිප්

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

(UTV| කොළඹ) –  කුසල් ජනිත් පෙරේරාව සිම්බාබ්වේ තරගාවලිය සඳහා කණ්ඩායමට නම් නොකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ ක්‍රිකට් බලධාරීන් ගෙන් කරුණු විමසා තිබේ.

ඒ සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා නම් නොකිරීම සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා විචාරකයින් ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි දෝෂ දර්ශනයට ලක් කරනු ලැබීය.

අමාත්‍යවරයා විසින් මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම සියලු මාධ්‍යවල පවා විවේචනයට ලක්වීමට හේතු වූ කරුණු විමසා ඇත.

මින් ඉදිරියට සුලු හෝ වැරැද්දක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදී තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 153 ක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ගේ ඉනිම 2019 වර්ෂයේ හොදම ටෙස්ට් ඉනිම් 10 අතරට තෝරා ගනු ලැබුවා.

Related posts

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ගැන සනත්ගේ අදහස කියයි

Mohamed Dilsad

LPL කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය සුපිරි තරු රැසක් ලංකාවට

Mohamed Dilsad

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment