දේශීය

ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය දඩ ගසයි

(UTV | ඩුබායි) – ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය ඩිරාම් ලක්‍ෂ 5ක දඩයක් නියම කර තිබේ.

ඒ ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවට චෝදනා එල්ල වේම හේතුවෙනි.

මෙම ශී‍්‍ර ලාංකිකයින් තිදෙනා ඩුබායිහි තරු පහේ නිවාඩු නිකේතනයක ආරක්‍ෂක භටයින් ලෙස සේවය කර ඇත.

ඔවුන් ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් හරහා අදහස් පළ කර ඇති බවට චෝදනා කෙරේ.

වයස අවුරුදු 28 ත් 34 ත් අතර වයස් සීමාවල පසුවන ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට මෙලෙස දඩ නියම වේ තිබේ.

තමන් සිදුකළ වරද ඔවුන් තිදෙනාම පිළිගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා නිවෙදනයෙක්

Mohamed Dilsad

Leave a Comment