(UTV | මත්තල ) – මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
එම වැඩපිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන 12 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා ගුවන් සමාගම් නියෝජිතයන් , සංචාරක නියෝජිතයන් ඇතුලු පාර්ශව කිහිපයක් සහභාගීවීමට නියමිතව තිබේ.