දේශීය

ශාන්ත සිසිර අබේසේකරට ඇප

(UTV | කොළඹ) –  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා නියෝග කළේය.

ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදි.

2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින් වී සිටියේය යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

Related posts

අධිවේගී මාර්ග ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Editor O

සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කරයි

Mohamed Dilsad

ගංවතුරට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සීරුවෙන්

Mohamed Dilsad

Leave a Comment