දේශීය

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ නව චක්‍රලේඛනයක් ලබන වසර සඳහා නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

දැනට ක්‍රියාත්මක චක්‍රලේඛනය දිවයිනටම පොදු බැවින් ප්‍රාදේශීය වශයෙන් පවත්නා ඉඩම් ගැටලු, බලපත්‍ර හා ඔප්පු ලබාදීමේ ප්‍රමාදයන් ආදිය සැලකිල්ලට ගෙන 2021 වර්ෂය සඳහා නව චක්‍රලේඛනයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාත්වික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වී ඇති බව එම නිවේදනයේ සඳහන් විය.

Related posts

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයින් 10 දෙනාගේ තොරතුරු

Mohamed Dilsad

උත්සව සමයේ දුර ගමන් බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර

Mohamed Dilsad

තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරය – සජීවි විකාශය දැන් නරඹන්න

Mohamed Dilsad

Leave a Comment