විදෙස්

හැරී කුමරු කිරුළ හැර යයි

(UTV | බ්‍රිතාන්‍ය) – රාජකීය රාජකාරීවලින් ඉවත් වී, සිය පදවි නම්බු නාම සහ මහජන අරමුදල් අහිමි කර ගත් හැරී කුමරු කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

මේ වනවිටත් එහි ගොස් සිටින සිය බිරිඳ මේගන් සහ ආචි පුතු හා එක්වීමට ඔහු මෙලෙස කැනඩාවට ගොස් ඇති බවට වාර්තා වේ.

මෙතෙක් සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදිනිය ලෙස හැදින්වුණු හැරී – මේගන් යුවළ මෙලෙස රජ පවුලෙන් දුරස්ථවීම බ්‍රිතාන්‍යයේ සියවස් ගණනක් පැරණි රාජකීය සංස්ථාව සසල කළ සිද්ධියක් ලෙස සැලකේ.

වඩාත් සාමකාමී දිවියක් ගත කිරීම සඳහා රජ පවුලේ මෙහෙවරින් ඉවත් වීම වේදනාකාරී සිද්ධියක් බව ඊයේ (20) සිය නික්මීම පිළිබදව සංවේදී ප්‍රකාශයක් සිදුකළ හැරී කුමරු කියා සිටියේය.

Related posts

සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව රටපුරා විරෝධතා

Mohamed Dilsad

ජනපති ධූරයෙන් නික්මීමට පෙර ට්‍රම්ප් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරයි

Mohamed Dilsad

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment