දේශීය

අල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ආගමන විගමන කාර්යාලයේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතාලියේ පුරවැසිභාවය ලැබූ පුද්ගලයෙකු තම දරුවන් තුන්දෙනාට මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට සහ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අවශ්‍ය ලේඛන සකස් කර ගැනීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේ සැකකරු විසින් රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ එම මුදල ආගමන විගමන කාර්යාලය තුළදී ලබා ගන්නා අවස්ථාවේ සැකකාර කළමනාකාර සහකාරවරයා අත්අඩංගුවට ගත් බවයි.

Related posts

සිංහල අලුත් අවුරුද්දට, ලංකා සතොසෙන් රු. 5,000 බඩු මල්ල රු. 2500ට

Editor O

වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

අසාද් සාලි රෝහල් ගත කරයි

Mohamed Dilsad

Leave a Comment