දේශීය

පන්තියක සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම ගැන ගුරු සංගම් විරෝධය

(UTV | කොළඹ) – පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම වෙනුවට භෞතික හා මානව සම්පත් ඉහළ දමමින් පාසල් දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

පසුගියදා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ නව චක්‍රලේඛනයක් ලබන වසර සඳහා නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

දැනට ක්‍රියාත්මක චක්‍රලේඛනය දිවයිනටම පොදු බැවින් ප්‍රාදේශීය වශයෙන් පවත්නා ඉඩම් ගැටලු, බලපත්‍ර හා ඔප්පු ලබාදීමේ ප්‍රමාදයන් ආදිය සැලකිල්ලට ගෙන 2021 වර්ෂය සඳහා නව චක්‍රලේඛනයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාත්වික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වී ඇති බව එම නිවේදනයේ සඳහන් විය.

කෙසේ වුවද ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරමින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට තැත් කිරීමෙන් රජයේ නොහැකියාව පෙන්නුම් කෙරෙන බවයි.

Related posts

කොවිඩ් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

Mohamed Dilsad

අබලි යකඩ මිල ඉහළට

Mohamed Dilsad

පිරමීඩ් ජාවාරමේ මහමොළකරුවන් හසුවෙයි

Mohamed Dilsad

Leave a Comment