(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ සේවාවට පරිසර දූෂණයෙන් තොර Site Hanging Car System ප්‍රවාහණ සේවයක් ඇරඹීමට පසුගියදා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ප්‍රවාහණ කළනාකරණ අමාත්‍යාංශයේ දී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ චීන ප්රමුඛ ප්‍රවාහණ සේවා සමාගමක් වන China Railway Group Limited නැමැති ආයතනය විසින්.
මෙහි ආරම්භක ව්‍යාපෘතිය කොට්ටාව සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී හයිලෙවල් මාර්ගයේ පසෙකින් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් කාර් පද්ධතියක් මගින් ගමනාගමන පහසුකම් සපයයි.
තවද එක් රථයක එකවර මගීන් 08 ත් 11 ත් දක්වා ප්‍රමාණයක් ගෙනා යා හැකිවේ.
හයිලෙවල් මාර්ගයේ පෙරවරුවේ හා පස්වරුවේ රථවාහන තදබදය අවම කරලීම සඳහා ඉතා මෙය උචිත ව්‍යාපෘතියක් වේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධව පැහැදිලි කළ චීන සමාගමේ නියෝජිතයින් කියා සිටියේ කොට්ටාව සිට පිටකොටුව දක්වා ගමන් කරන මගීන්ට අතරමග බසින්නට අවස්ථාවද සැලසෙන අතර, එතැන් සිට වෙනත් අයට අදාල රථයට ගොඩවීමට ද පහසුකම් සැලසෙන බවයි.
මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී අදාල සමාගම විසින් සියලු පිරිවැය දරන අතර ඒ සඳහා රජය විසින් කිසිදු මුදලක් වැය කිරීමට සිදුනොවේ. සමස්ත පිරිවැය චීන ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන බව සඳහන්.
මෙම පද්ධතියට යොදා ගන්නා ධාවන පථය Track වසර 100ක් එක දිගට භාවිතා කළ හැකිය අතර එක් කාර් රථයක් අඩු තරමින් වසර 25ක් භාවිතා කිරීමට ද හැකියාව තිබේ.
අනෙක් කාරණය නම් විදුලිය බිඳ වැටීමක් සිදුවුවද, පැය තුනක් එක දිගටම ධාවනය කළ හැකි හිරු බලයෙන් ආරෝපනය වන බැටරි දෙකක් ද මෙම සෑම රථයකම අන්තර්ගත වේ.
කොට්ටාව සිට පිටකොටුව දක්වා දිවෙන කිලෝමීටර් 22ක දුරින් යුත් මෙම ධාවන පථය හා සමස්ත ප්‍රවාහණ පද්ධතිය වසර එකහමාරකින් අවසන් කිරීමට නියමිතයි.