දේශීය

කරූට එජාප නායකත්වය දීම පිළිබදව අවසන් තීන්දුවක් නැහැ

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කථානායකවරයාට ලබාදීම සම්බන්ධයෙන් රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශවය අතර මේ දක්වා එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

කරු ජයසූරියට පක්ෂ නායකත්වයත්, එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමටත් කර ඇති යෝජනාව පිළිබදව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ (21) දිනයේ ද පැවති අතර , එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් එම යෝජනාවට කැමැත්ත පළ කර ඇති අතර ඇතැමුන් ඊට විරෝධය පළ කර ඇති බව ද වාර්තා වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය පක්ෂ නායකත්වය තවදුරටත් නොලැබෙන්නේ නම් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ගය පිළිබදව අවදානය යොමු කර තිබේ.

Related posts

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

Editor O

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

Mohamed Dilsad

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment