දේශීයප්‍රමුඛ පුවත 1

ගුවන් තොටුපල තුළ නව වීසා කවුලූ 2 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයින් සඳහා දිවයිනට පැමිණීමේදී හා පිටව යාමේදි ගුවන් තොටුපල තුළ වෙනම වීසා කවුලූ දෙකක් විවෘත කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි කියා සිටියේ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලේ සිදුකළ හදිසි සංචාරයේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බවයි.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපලට අමතර පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

ජපානයේ ක්‍රම දෙකක් ඔස්සේ ලාංකිකයින්ට රැකියා ලබාදෙයි

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

Leave a Comment