දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කටහඩ පරීක්ෂාවක් සඳහා අද (23) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පසුගියදා ලබාදුන් නියෝගයකට අනුවයි.

දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද සිද්ධියට අදාළව රංජන් රාමනායක මහතා මෙලෙස කටහඩ පරීක්ෂණයකට යොමු කෙරෙනු ඇත.

මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පසුගියදා සොයාගත් දෘඪ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 09 වනදා භාර දී තිබුණි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

Related posts

හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවට

Editor O

තවත් ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අඹතැන්නේ සිද්ධියට සම්බන්ධ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment