දේශීය

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින තීන්දුයි

(UTV| මුතුරාජවෙල) –  මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 28 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) දින නියම කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

පෙත්සම සම්බන්ධයෙන් විභාගය අවසන් වනතුරු එම අභය භූමියට කසල බැහැර කිරීම වළක්වාලමින් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරින් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

මුතුරාජවෙල අභය භූමිය අවට වාසය කරන ප්‍රදේශවාසීන් 35 දෙනෙකු මෙම පෙත්සම ගොනුකර තිබේ.

 

Related posts

වැඩි මිලට හාල් වික්කොත් 1977ට වහාම දැනුම් දෙන්න

Mohamed Dilsad

කොවිඩ් -19 ප්‍රතිකාර වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන්කෙරේ

Mohamed Dilsad

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

Mohamed Dilsad

Leave a Comment