ප්‍රමුඛ පුවත 1

හිටපු විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(UTV| කොළඹ)  – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරයි.

ඒ මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.

 

Related posts

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

Mohamed Dilsad

දරුවන් වෙනුවෙන් දැඩි කැපකිරීමක් කරන මවක් [VIDEO]

Mohamed Dilsad

පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment