දේශීය

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ උපදෙස් ක්‍රියාත්මක කරන්න කමිටුවක්

(UTV | කොළඹ) – වැඩ තහනම් කර ඇති ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඊට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුද ඇතුළුවේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න විසින් අදාළ විශේෂිත කමිටුව පත්කර ඇති බවයි.

එම කමිටුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව, එම විමර්ශනයේ උධෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කළ යුතුවේ.

වැඩ තහනම් කර ඇති, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදුන්නේය.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවකදී පාවිච්චි කරනු ලැබීමේ කාර්ය සඳහා බොරු සාක්ෂි සෑදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේය.

Related posts

විවෘත කර ඇති වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

Mohamed Dilsad

ආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

Editor O

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment