දේශීයප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද පස්වරු 1.30 පැවැත්වීමට නියමිතයි.

දැනට පුරප්පාඩුව පවතින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා යසන්ත කෝදාගොඩ මහතාගේ නම යොමු කරමින් ජනාධිපතිවරයා එවා ඇති නිර්දේශය පිළිබඳ එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මිට අමතරව විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පැවැත්වෙන අතර එහිදී බැඳුම්කර නිකුතු පිලිබද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු විවාදය සදහා දින නියම කර ගැනීමට නියමිතයි.

පෙබරවාරි පළමු පාර්ලිමේන්තු සතියේ දින 2 ක් මෙම විවාදය සඳහා දීමට කථානායකවරයා එකග වී තිබේ.

Related posts

මේවා චොප්පේ ස්ටයිල් වැඩ – අනුර

Mohamed Dilsad

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment