දේශීය

කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා අවසන්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මේවන විට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පිළිබදව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේබව පැවසීය.

ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා මේපිළිබදව තමාගෙන් විමසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවත්, මේ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන්ට අදාල රෝග ලක්ෂණ ඇත්නම් වහා දැනුම් දෙන ලෙස මේවන විට දැනුවත් කරන බවත් ඇය සදහන් කළාය.තවද ගුවන් තොටුපළ මේ සදහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද රදවා ඇති බව ඇය පවසා සිටියාය.

මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සදහන් ඇය වැඩිදුරටත් පවසා සිටියේ උණ රෝගයෙන් පෙළුණු චීන ජාතික දරුවෙකු පිළිබද තොරතුරු වාර්තා වුවද, පසුව එම දරුවා  උණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එය සාමාන්‍ය උණ තත්ත්වයක් බව තහවුරු වූ බවයි.

කෙසේ වුවද මේවන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙරටට මෙම වෛරසය ඇතුළු වීමට උපරිම පියවර ගෙන ඇති බව තහවුරු කළාය.

 

Related posts

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිස හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment