දේශීය

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න පෙබරවාරි 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඔහුට අද (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කළේය.

පසුගියදා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාළ පැමිණිලි අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

හැඳුනුම්පත නැති අයට ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත්

Editor O

Leave a Comment