දේශීය

එජාප නායකත්ව අර්බුදය දිග්ගැසේ

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂ නායකත්ව අර්බුදයට යෝජනා කිහිපයක් ඉදිරිපත්වී තිබේ.

පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහටත් , ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත්, ලබාදීමටයි යෝජනා මේ අනුව යෝජනා වී ඇති බව වාර්තා වේ.

පක්ෂ නායකත්වය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන්නේ නම් ඔහුගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩනගා එම සන්ධානයෙන් මන්ත්‍රීවරුන් සඳහා නාමයෝජනා ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියා සිටියේය.

ඊට එක්සත් ජාතික පක්ෂයටද සම්බන්ධ විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

Editor O

ගම්පහ දිස්ත්‍රික්කයේ හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment