දේශීය

රියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේ online app එක අද සිට

(UTV | කොළඹ) –  අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේදී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්වීම හේතුවෙන් එම අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා හඳුන්වාදුන් online app එක අද (27) සිට ක්‍රියාත්මක බව මගී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙහිදී වෛද්‍ය පරීක්ෂණයන් සඳහා දින හා වේලාවන් වෙන් කර ගැනීමට හැකි බවත්, මෙසේ වෙන් කරනු ලබන වේලාවන් එස්.එම්.එස් පණිවිඩයක් මඟින් අයඳුම්කරු වෙත දන්වනු ලබන අතර කාර්යාලීය පිටපතක් විමසීම් කවුළුව වෙත දෙනු ලැබේ.

ඒ අනුව පූර්වයෙන් කාලය වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් ඒ අනුව සකස් කර ඇති ප්‍රමුඛතා කවුළුවට යොමු කරනු ලබන අතර එම කවුළුව සාමාන්‍ය ක්‍රමවේදය මත පැමිණෙන මහජනතාව වෙනුවෙන් භාවිත කරනු නොලැබේ.

එසේම දෙවනවර වෛද්‍ය වාර්තාව ලබා ගැනීමේදී රුධිර ගණය, උස හා බර පරීක්ෂා නොකිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබෙන අතර ඊට හේතුව ලෙස ප්‍රමාදයෙන් තොරව එම සේවාව වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමයි.

මෙම ක්‍රමය පසුගිය 22 දින සිට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබූ අතර අද දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම වැඩසටහන පළමුව නුගේගොඩ ප්‍රධාන කාර්යාලයේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී ශාඛා කාර්යාලවලද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම පර්යේෂණ රජයේ රෝහල් වලින් සිදු කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මේ සඳහා National transport medical Institute වෙබ් අඩවියට පිවිසෙන වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබේ.

Related posts

නව ආසාදිතයින් 297ක්

Mohamed Dilsad

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

Mohamed Dilsad

අවුරුදු සමයට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment