දේශීය

කොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යයි

(UTV | කොළඹ) – කොළඹ ඇතුළු නගර කිහිපයක වායු දූෂණය නැවත වරක් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

කොළඹ බත්තරමුල්ල සහ මහනුවර නගරවල අද (27) පෙරවරුවේ වායු දූෂණය ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේය.

මේ අනුව මහනුවර නගරයේ අද පෙරවරු 8 යි 30 ට වායු තත්ව දර්ශකය සටහන් වූයේ ඒකක 156 ක් ලෙස වන අතර බත්තරමුල්ල නගරයේ එය ඒකක 151 ක් ලෙස වාර්තා වී තිබිණි.

සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන ආකාරයට මෙය ඉතා අහිතකර තත්වයක් වන අතර මුව ආවරණ භාවිත කිරීම අත්‍යවශ්‍ය බවයි.

කොළඹ නගරයේ අද පෙරවරුවේ වායු තත්ව දර්ශකය ඒකක 129 ක් ලෙස සටහන් වී තිබිණි.

ඒ අනුව සංවේදී පුද්ගලයන් මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

හදවත් හෝ පෙනහලු ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් පසුවන්නන් , කුඩා ළමුන් , ගර්භණී කාන්තාවන් , වයෝවෘද්ධ ජනතාව සහ එළිමහනේ කටයුතු කරන්නන්ට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට එම සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.

Related posts

හදිසි මැතිවරණයක් පැවැත්වීම සියලු කැපකිරීම් අපතේ යැවීමක් [VIDEO]

Mohamed Dilsad

නියඟයෙන් ආහාර හිඟයක අවදානමක් – විදුලි උත්පාදනයටත් බාධා

Mohamed Dilsad

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙටින් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment