විදෙස්

චීනයේ කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80ක් වෙයි

(UTV |චීනය) – චීනයේ කොරෝනා වෛයිරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

විදෙස් වාර්තා සඳහන් කළේ රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව 3,000 කට ආසන්න බවයි.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආරම්භ වූ මූලාශ්‍රය වන හුබෙයිහි වුහාන් නගරය වෙත ඇතුළු වන හා පිටවන සියලු වාහන නවතා දමා ඇති අතර, තවත් නගර කිහිපයක් සංචාරක තහනම් පනවා ඇත.

සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ සඳුදා හුබෙයි පළාතේ මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර වෙනත් ස්ථානවල මරණ 4 ක් වාර්තා වී ඇති බවය.

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

තායිලන්තය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් ආසාධිතයන් 41ක් විදේශයන්හි තහවුරු වී තිබේ. කෙසේ වෙතත් චීනයෙන් පිටත කිසිදු මරණයක් සිදුවී නොමැත.

කොරෝනා වෛරසය දරුණු උග්‍ර ශ්වසන ආසාදන ඇති කරන අතර නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් ඒ වෙනුවෙන් සොයාගෙන නොමැත.

බොහෝ මරණ වලට වැඩිහිටි පුද්ගලයින් හෝ පූර්ව ශ්වසන ආබාධ ඇති අය සම්බන්ධ බව මේ වනවිට වෛද්‍ය නිගමනය වී තිබේ.

Related posts

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

Mohamed Dilsad

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

Mohamed Dilsad

Leave a Comment