දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇත.

මෙම වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට ජනපති බෑ කියයි

Mohamed Dilsad

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ගුරු විදුහල්පති වර්ජනය අතරතුර සිසුවෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment