විදෙස්

83 දෙනෙකු රැගත් ඇෆ්ගනිස්ථාන ගුවන් යානයක් කඩා වැටෙයි

(UTV | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ මගීන් 83 දෙනෙක් රැගත් Ariana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගිනිගෙන කඩා වැටීමට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින්ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයටයි.

අනතුරෙන් පසුව එම ස්ථානයට ලඟා වූ තලෙයිබාන් සටන්කාමින් ගුවන් යානයේ හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

යානයේ ගමන් කරමින් සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලය අනතුරෙන් කුමක් සිදුවූවාද යන්න මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේය.

Related posts

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට ලොක්ඩවුන්

Mohamed Dilsad

ISIS නායක අබුබකර් අල් බැග්ඩාඩි ලිබියාවේ සැගව සිටින බවට සැකයක්…

Mohamed Dilsad

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගැන පෙර තිබු විශ්වාසය නෑ.ඇන්ජලා මර්කල් කියයි

Mohamed Dilsad

Leave a Comment