දේශීයප්‍රමුඛ පුවත 1

චීනයෙන් ලාංකික සිසුන් පැමිණීම ආරම්භ වේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස අවධානම හමුවේ චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත පැමිණීම ආරම්භ කර තිබේ.

සිසුන් 21 දෙනෙකු අද දහවල් එරටින් පිටත්වී ඇති බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

ජනාධිපති කාර්යාලය , විදේශ සබඳතා අමාත්‍යංශය , සෞඛ්‍ය අමාත්‍යංශය ,චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු ක්‍රියාත්මක වේ.

සිචුවාන් ඇතුලු චීනයේ අනෙකුත් ප්‍රදේශවල සිටින සිසුන් බස් රථ මගින් ගුවන් තොටුපළ දක්වා ප්‍රවාහනය කෙරෙන බව සඳහන් වේ.

නැනිංග් නගරයේ සිටින සිසුන් 30 දෙනෙකුද ඔවුන් සමග සම්බන්ධවීමට නියමිතයි.

දැනට අක්‍රීය තත්වයේ පවතින වූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් පිරිස ගෙන්වාගැනීම කෙරෙහිද චීන බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

චීනයේ සිටින ලාංකික සිසුන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම මේ වනවිට අවසන් කර ඇති බව ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

චීනයෙන් පැමිණි පසු අවම වශයෙන් දින 20 කට ආසන්න කාලයක් මුව ආවරණ භාවිත කරන ලෙසටයි ඔවුන්ට දැනුම් දී ඇති අතර එමෙන්ම අඛණ්ඩ සෞඛ්‍ය පරීක්ෂණවලට සහභාගී වන ලෙසටද ඔවුන්ට උපදෙස් දී තිබේ.

Related posts

පන්තියක සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම ගැන ගුරු සංගම් විරෝධය

Mohamed Dilsad

මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්

Mohamed Dilsad

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment