දේශීය

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

(UTV | හලාවත) – වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය, පම්බල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (28) අලුයම 5.30ට පමණ වේ.

මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ 64 හැවිරිදි වියේ පසුවූ මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි මාළු වෙළදාමේ නිරත පුද්ගලයෙකි.

හලාවත මාළු වෙළඳපොළෙන් මාළු රැගෙන ඒම සඳහා අද අලුයම නිවසින් පිටව ගොස් ඇති අවස්ථාවේදී වන අතර අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

Mohamed Dilsad

Leave a Comment