දේශීය

හෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV |ගල්කිස්ස) – ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි මිලිග්‍රෑම් 20ක් සහ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රැම් 200ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ සහාය සජිත්ට. බේරුවල ආසන සංවිධායක ධූරයත් ලැබෙයි.

Editor O

Leave a Comment