දේශීය

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

(UTV | කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට උපදෙස් ලබා දී තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නුවරඑළියෙහි ජාතික තවුහිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණුව ලැබුවේයැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් වේ.

මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුවයි.

අද (28 ) මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ. සි රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 11 දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කර තිබේ.

Related posts

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

Mohamed Dilsad

පාසල් විවේක කාලය ට සංශෝධනයක්…?

Editor O

Leave a Comment