දේශීය

චීනයේ සිට ලංකාවට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරට

(UTV | කොළඹ) –  චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ලංකාවට එන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත ප්‍රථමයෙන්ම යොමු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවත් , ඒ අනුව ක්‍රියාකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාව හමුදා කඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට 10 දෙනෙක් ඇප තියයි.

Editor O

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment