විදෙස්

කෝබි බ්‍රයන්ගේ අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක්

(UTV | කොළඹ) – මියගිය සුප්‍රකට පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට්ට මරු කැඳවූ හෙලිකොප්ටර් යානා අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විමර්ශන අතරතුර අනතුර සිදුවන අවස්ථාවේදී පැවැති කාලගුණික තත්ත්වය හා හෙලිකොප්ටරයේ ක්‍රියාකාරිත්ව පිලිබද වැඩි අවධානය යොමුකරන බවත් මේ සදහා හෙලිකොප්ටර් යානාවේ නිෂ්පාදිත ආයතනයේ සහාය පවා ලබාගන්නා බවත් විමර්ශන කණ්ඩායම් පවසයි.

තවද ඔහු වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ අතර ඔහු සිහිපත් කරමින් ස්ථාන රැසක සමරු උත්සවද පවත්වා ඇත.

මේ සඳහා ඔහුගේ රසිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියේය.

ඔහු මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුගේ 13 හැවරිදි දියණියත් මෙම අනතුරින් මිය ගියේය.

Related posts

ජපන් අගමැති, ඇමෙරිකානු ජනපති හමුවෙයි

Mohamed Dilsad

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ තවත් බන්ධනාගාර රැදවියෙක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment