දේශීය

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් , කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අදාළ වෛරසය ශරීර ගත වූ රෝගියෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමඟ රට අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවද මෙහිදී විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේ දේශපාලන මතිමතාන්තර ඉවත දමා සියලු පාර්ශ්වයන් එක්ව රට ආරක්ෂා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

යුක්තියට ඔත්තුවක් දෙන්න | සල්ලි වැස්සක තෙමෙන්න

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 563 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment