දේශීය

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත් හා ෆොන්සේකා ඉවතට

(UTV | කොළඹ) – පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

ඊයේ (29) එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරි මණ්ඩල පත් කෙරුණු බවත් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බව වැඩිදුරටත් සඳහන්.

Related posts

ආණ්ඩුව රු. බිලියන 1,225.9 ක මුදල් මුද්‍රණය කරලා

Editor O

ගම්පහ ප්‍රදේශ කිහිපයක සංචරණය සීමා පනවයි

Mohamed Dilsad

දුම්රිය වාර ප්‍රවේශපත්‍රවලින් ලංගම බස්වල යන්න පුළුවන්, මාර්ග අවහිරතා නිසා දුම්රිය ධාවනය නොවන ප්‍රදේශවල පමණයි.

Editor O

Leave a Comment