දේශීය

නැඟෙනහිර පළාතේ ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම්

(UTV | කොළඹ) – දීර්ඝ කාලයක් පුරාවට නැඟෙනහිර පළාතේ පාසල්වල උග්‍ර ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබේ.

නැගෙනහිර පළාතේ අධ්‍යාපන කළාප 17 තුළම විද්‍යා, ගණිත සහ ඉංග්‍රීසි ඇතුළු ගුරු පුරප්පාඩු 600 ක් පවතින අතර ඉන් 298 ක් සිංහල මාධ්‍ය සහ 302ක් දෙමළ මාධ්‍ය වෙයි.

කෙසේ වෙතත් පාසල් වල අතිරික්ත ගුරුවරුන් ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන්න කළාප වලට මාරු කොට ගුරු තුලනය ඇති කිරීමට පියවර ගන්නා ලෙසට ආණ්ඩුකාරවරිය දන්වා සිටියාය.

ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියේ පළාත් අධ්‍යාපන බලධාරීන් සමග ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති හමුවක දීයි.

ඒ සමගම පුරප්පාඩු පවතින ගුරු හිගය පියවා ගැනීම සඳහා ගුරු සහයිකයින් බඳවා ගැනීමද කඩිනම් කරන ලෙසටද ඇය දන්වා සිටියාය.

මේ අතර නුපුහුණු ගුරුවරුන් 3000 කට ආසන්න පිරිසක් කළාප මට්ටමින් පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් දුන් ආණ්ඩුකාරතුමිය එළඹෙන අප්‍රේල් මාසයේ සති 02ක් තුළ එම පුහුණු වැඩසටහන ආරම්භ කරන ලෙසටද අදාළ කළාප අධ්‍යක්ෂකවරුන් වෙත දන්වා සිටියාය.

Related posts

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

බන්ධනාගාර රැඳවියන්ටත් කොවිඩ් මර්දන එන්නත

Mohamed Dilsad

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment