දේශීය

ශානි අබේසේකරගේ පෙත්සම යළි කල් යයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියෝග කරයි.

මෙම පෙත්සම අද (31) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

ඒ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් තමන්ව ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිවයි.

ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් රජයෙන් අය කර දෙන ලෙසට ඔහු පෙත්සමෙන් ඉල්ලා සිටියි.

එබැවින් තම ස්ථාන මාරුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව නැවත රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා – කංචන විජේසේකර

Mohamed Dilsad

බිමල්ගේ අමාත්‍යාංශ ලේකම් විසින් රාජකාරීයට බාධා කරන බව පවසමින් අතිරේක ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment