දේශීය

ආහාර විසවීමකින් සිසුන් 41 ක් රෝහල් ගතකරයි

(UTV | කොළඹ) – ආහාර විස වීමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙලෙස රෝහල් ගතකර තිබේ.

අසාත්මිකතාවය , උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව අද පෙරවරු 9.30 ට පමණ මෙම සිසුන් පිරිස රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.

පසුගිය 28 දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබාදී ඇති අතර ,එම මාලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර කිහිප දෙනෙකු මෙසේ අසනීප වී තිබේ.

රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අතර සිද්ධිය පිළිබදව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පිරිසක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට විවෘතයි

Mohamed Dilsad

කෙරෝනා තවදුරටත් ව්‍යාප්ත වුවහොත් කතෝලික පාසැල් වසනවා – අගරදගුරු

Mohamed Dilsad

Leave a Comment