දේශීය

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනෙකු යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් , පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 14 වන දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියම කළේය.

රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවට ඉදිරිපත් කර තිබේ.

මෙහිදී පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ආරක්ෂක අංශ මඟින් පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු මෙම සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

Editor O

ඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කරයි

Editor O

මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්

Mohamed Dilsad

Leave a Comment