දේශීය

අජිත් ප්‍රසන්න ඇතුළු 3 ක් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න සහ නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිළධාරින් දෙදෙනෙකු ලබන 14 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එහිදී අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාල නඩුවක් යටතේද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ.

Related posts

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අල්ජසීරා රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ උණුසුම් තැන්

Editor O

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment