දේශීය

නීත්‍යානුකූලව ඉවත් නොවූ නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක්

(UTV| කොළඹ) –  සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ සහ සේවය හැරගිය සියලුම නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ පෙබරවාරි 4 වනදාට යෙදී ඇති ජාතික නිදහස් දිනයට සමගාමීව මෙය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මේ අනුව පෙබරවාරි 5 වනදා සිට සතියක කාලයක් දිවයිනේ ඕනෑම නාවික හමුදා කඳවුරකට පැමිණ භාරවීමේ අවස්ථාව සලසා දී තිබේ.

පොදු සමාකාලය යටතේ සේවයට එක්වන කිසිඳු සාමාජිකයෙකු දඩුවමකට යටත් නොවන බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Related posts

ඩොලරය තවදුරටත් ඉහළට

Mohamed Dilsad

යුද හමුදාපති වැඩ අරඹයි

Mohamed Dilsad

යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment