දේශීයප්‍රමුඛ පුවත 1

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

(UTV | මත්තල) – වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ.
————————————————————————————————————————————

චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය (UL1423) මීට ටික වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවේය.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණි.

සිසුන් පිරිස දින 14 ක නිරෝධායන කටයුතු සඳහා තව ස්වල්ප වේලාවකින් දියතලාව යුධ හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි.

Related posts

190 බස් වර්ජනයක්

Mohamed Dilsad

“කතරගම නගර සංවර්ධන වැඩසටහන”යටතේ සංවර්ධනය කෙරෙන ස්ථාන ඇමැති නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment