දේශීයප්‍රමුඛ පුවත 1

වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්‍රහනයක් – රජය

ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්‍රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට මෙරට රජය සමත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ ශ්‍රි ලාංකික සිසුන් පිරිසක් කොටු වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කළේය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී කටයුතු කර අතර චීනයේ සියලු තානපති අංශ ද මේ සඳහා ක්‍රියාකාරී ලෙස මැදිහත් විය.

ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික සමබඳා ඔස්සේ ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ රැදී සිටින විදේශීය වැසියන් පිටත් කර එවීමට අවසර ලබදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහනයක් බව වැඩිදුරටත් සඳහන්.

 

Related posts

ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසා

Mohamed Dilsad

ඩොලරය 183 සීමාව පසු කරයි

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

Leave a Comment