දේශීය

කොරෝනා අවධානම තුරන් කිරීමට රට පුරා පිරිත් දේශනාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව පුරාම එකම වේලාවකදී පිරිත් දේශනා පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ කොරෝනා වෛරස අවධානම තුරන් කිරීම අරමුණු කරගනිමින්.

මෙම පිරිත් දේශනා අනිද්දා (05) පස්වරු 6.00 ට  ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර එක් එක් පොලිස් වසම්වලට අදාල විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ එම බල ප්‍රදේශය තුල එකම ස්ථානයකට වැඩම කරවා රතන සූත්‍රය ප්‍රධානව පිරිත් දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහි ප්‍රධාන වැඩසටහන අනිද්දා පස්වරු 6.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

Editor O

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අමාත්‍යවරයෙකුට මරණ තර්ජන අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment