විදෙස්

කොරෝනා හේතුවෙන් චීනයේ ඉදිකල නව රෝහල විවෘත කෙරේ

(UTV | චීනය) -නව කොරෝනා වෛරස ආසාධිතයන් වෙනුවෙන් ඇඳන් 1000 කින් සමන්විතව ඉදිකල රෝහල අද (03) විවෘත කරන බව චීනය පවසයි.

දින 8 ක දී ඉදි කල මෙවැනිම තවත් රෝහලක් ඉදි කිරීමට නියමිතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

නව කොරෝනා වෛරසය හමුවේ චීන ආර්ථිකයට සිදුවූ බලපෑම අවම කිරීමට ඩොලර් බිලියන 170 ක මුදලක් යෙදවීමට චීන මහ බැංකුව ඊයේ (02) තීරණය කළේය.

මේ අතර චීනය සමඟ වන සිය දේශ සීමාව මුලුමනින්ම වසා දමන ලෙස බලකරමින් හොංකොං හි රෝහල් සේවකයන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටද සූදානම් වන බවටද වාර්තා වේ.

Related posts

ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යට කේබල් ව්‍යාපෘතිය නවතා දමයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

Mohamed Dilsad

ඉරානය අයන් ඩෝම් මගරින නවතම මිසයිලයකින් පහර දෙයි.. එහි පින්තූර තහනම්.. පලස්තීන අහස පාලනය තම මිසයිලවල බව කියයි…

Editor O

Leave a Comment