දේශීයප්‍රමුඛ පුවත 1

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

(UTV| කොළඹ) –  72 වන අභිමානවත් නිදහස් දින ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ජාතික දින සැමරුම් උළෙල ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා ජාතික දින සැමරුම් උළෙලට පිළිගනු ලැබුවේය.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

කෙසේවෙතත් පසුගිය වසරවල මෙන්ම නිදහස් උළෙලේ අභිමානය වැඩි කිරීම සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු උත්තමාචාරයක් ද පැවැත්වීමට නියමිතයි.

නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා යුද හමුදාවේ 3376ක්, නාවික හමුදාවේ 799ක්, ගුවන් හමුදාවේ 847ක් සහ පොලීසියේ 596ක් එක්වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 327 දෙනෙකු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 385 දෙනෙකු සහ ශිෂ්‍ය භට බලකා නිලධාරීන් දෙසිය පනස් දෙදෙනෙකු ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වනවා.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් සන්නද්ධ රථ ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වීමට නියමිතයි.

Related posts

හිස්බුල්ලා ඇතුළු තිදෙනෙක් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි

Mohamed Dilsad

බැංකු ගනුදෙනුකරුවන් ට දැනුම්දීමක්

Mohamed Dilsad

මෙරටින් නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයා ගැනෙයි

Mohamed Dilsad

Leave a Comment