දේශීයප්‍රමුඛ පුවත 1

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

(UTV | කොළඹ) – නීතිමය කටයුතු සඳහා දේශපාලන අතගැසීම් කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීමට තම රජය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  72 වැනි නිදහස් සැමරුම් උළෙල අමතමින් සඳහන් කළේය.

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසටත් , ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ඉටු කළ විට බවත් ජනපතිතුමා අවධාරණය කළේය.

ජනතා අවශ්‍යතා ඉෂ්ට කිරීමට බැදී සිටින බවත්, එය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් බාධාවක් ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්තවාදයට සහ අන්තවාදයට රට තුළ කිසිදු ඉඩක් නොමැති බවයි.

Related posts

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

Mohamed Dilsad

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්..

Mohamed Dilsad

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

Leave a Comment