දේශීය

කුවේටයේ හිරිහැරවලට ලක්වූ 58 ක් යළිත් දිවයිනට

(UTV | කොළඹ) –  කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි. 

කුවේටයේ තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කාන්තාවන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ නැවත එවා තිබේ.

මෙම ගෘහ සේවිකාවන් පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි.

Related posts

ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට ක්‍රියාමාර්ග

Mohamed Dilsad

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා පාලනයට ලෝක බැංකුවෙන් පැසසුම්

Mohamed Dilsad

Leave a Comment