දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(05) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීරණයේ දී මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවට වාර්තා වේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ද බලාපොරොත්තු වන බව තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

මීට අමතරව ඊයේ(04) පස්වරුවේදී නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළ සිව් දෙනාගේ සාමාජිකත්වය යලි ලබාදෙන තුරු විපක්ෂ නායකවරයා කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී නොවනු ඇති බව එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේය.

Related posts

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි

Mohamed Dilsad

අද ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment