දේශීය

හිටපු මහේස්ත්‍රාත්ගේ තිලිණ ගමගේගේ පෙත්සම ඉවතට

(UTV | කොළඹ) –  හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළේය.

තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ දැනට විභාග වන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අදාළ පෙත්සම ගොණු කර තිබුණි.

එය අද කැඳවනු ලැබුවේ මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

ඒ, එම පෙත්සම මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධීව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

Related posts

ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු

Mohamed Dilsad

නාවික හමුදාවේ (හිටපු) බුද්ධි ප්‍රධානියෙක් අත්අඩංගුවට

Editor O

පවතින තත්ත්වය නිසා හෙට රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment